Skip to main content

ශ‍්‍රී ලංකාව: එක්සත් ජනපද යුද අපරාධ වාර්තාව පුළුල් අපයෝජනයන් පිළිබඳ විස්තර සපයයි

වාර්තාව පෙන්නුම් කරනුයේ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයි

(නිව් යෝක්) - 2009 ඔක්තෝබර් 22 දින ප‍්‍රසිද්ධ කරනු ලැබුණු ශ‍්‍රී ලංකාව තුළ සිදු වන්නට ඇති බව සැලකෙන යුද නීති උල්ලංඝනයන් පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව මගින් පෙන්නුම් කෙරෙනුයේ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව බව හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ආණ්ඩුවේ හමුදාවන් හා දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* පාර්ශ්ව දෙක විසින් ම සිදු කරන ලද යුද නීති උල්ලංඝනයන් වාර්තාව විස්තර කරයි.
 
”එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාව මගින් ගැටුමේ අවසන් මාසයන්හි දී බරපතළ අපයෝජනයන් සිදු කරන ලද බවට පවත්නා සියලූ සැකයන් දුරු විය යුතුය” යි හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසුවේය. ”සිදු වන්නට ඇති බව සැලකෙන යුද අපරාධ පරීක්ෂා කිරීමට ශ‍්‍රි ලංකාව මුළුමනින් ම අසමර්ථ වීම හේතුවෙන් යුක්තිය සම්බන්ධයෙන් එක ම බලාපොරොත්තුව වනුයේ ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් වේ.”
 
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපරාධ ගැටලූ පිළිබඳ කාර්යාලය වාර්තාව සකස් කළේ, මැයි මාසයේ දී එල්ටීටීඊයේ පරාජයෙන් අවසන් වූ ශ‍්‍රී ලංකා ආණ්ඩුව හා එල්ටීටීඊය අතර 26 වසරක් දීර්ඝ සිවිල් යුද්ධයේ අවසන් මාසයන්හි දී සිදු වන්නට ඇති බව සැලකෙන යුද අපරාධයන් පිළිබඳ ව ය. එල්ටීටීඊය විසින් ළමයින් බඳවා ගැනීම, ආණ්ඩුව හා එල්ටීටීඊය සිවිල් වැසියන්ට හා සිවිල් ස්ථානයන්ට ප‍්‍රහාර එල්ල කිරීම, සිර භාරයට ගැනුණු පුද්ගලයන් හෝ සටන්කරුවන් ආණ්ඩුවේ හමුදාවන් විසින් ඝාතනය කිරීම, ආණ්ඩුවේ හමුදාවන් හා ආණ්ඩුවට සහාය වූ පැරාමිලිටරි කණ්ඩායම් විසින් සිදු කරන ලද බලාත්කාරී අතුරුදන් කිරීම් සහ යුද කලාපය තුළ කොටු වී සිටි ජනයා සඳහා ආහාර, ඖෂධ හා පිරිසිදු ජලය සම්බන්ධයෙන් දැඩි හිඟයක් පැවතීම පිළිබඳ ව චෝදනා එල්ල වන සිදුවීම් වාර්තාව විසින් විස්තර කෙරෙයි.
 
ඔක්තෝබර් 21 දින වාර්තාව එක්සත් ජනපද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අතර, අද දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි ප‍්‍රසිද්ධ කරනු ලැබුණි.
 
වාර්තාව සඳහා බලය පැවරුණේ 2009 පරිපූරක විසර්ජන පණත මගින්ය. ”ශ‍්‍රී ලංකාව තුළ මෑත ගැටුමේ දී සිදු වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උල්ලංඝනයන් හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විය හැකි සිදුවීම් විස්තර කරන හා හැකි තාක් දුරට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගන්නා” වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පණත විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කෙරුණි.
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් අභ්‍යන්තර අවතැන් වූවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමක්, ගැටුමේ දී රඳවා ගනු ලැබුණු පුද්ගලයන් සම්බන්ධයෙන් වග වීමක්, මානුෂීය සංවිධානයන්ට හා මාධ්‍යයට බලපෑමට ලක් වූ ප‍්‍රදේශයන් හා ජනයා වෙත ප‍්‍රවේශය සම්පාදනය කිරීමක් හා ප‍්‍රතිසන්ධානය හා යුක්තිය ප‍්‍රවර්ධනය කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමක් නොකරනුයේ නම්, මූලික මානව අවශ්‍යතා සම්බන්ධයෙන් හැර ශ‍්‍රී ලංකාවට මූල්‍ය සහාය දීමෙන් වළකින ලෙස පණත විසින් එක්සත් ජනපද ආණ්ඩුවට තවදුරටත් උපදෙස් දෙනු ලැබුණි. සටන සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් විසින් ම කරන ලද පර්යේෂණය මගින් සොයා ගනු ලැබුණේ පාර්ශ්ව දෙක ම නැවත නැවතත් යුද නීති උල්ලංඝනය කළ බවය.
 
එල්ටීටීඊය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහවල් ලෙස යොදා ගනු ලැබුණහ, ආරක්ෂාව පතා සිවිල් වැසියන් පලා යාම වැළැක්වීම සඳහා මාරක බලය යොදා ගනු ලැබුණේය, සිවිල් වැසියන් බහුල ව පදිංචි ව සිටි ප‍්‍රදේශයන්හි තම බලකා විහිදුවනු ලැබුණේය. ආණ්ඩුවේ හමුදාවන් විසින් රෝහල් ඇතුළු ජනයා බහුල ව පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට වගවිභාගයකින් තොර ව ෂෙල් ප‍්‍රහාර එල්ල කරනු ලැබුණි. පාර්ශ්ව දෙක විසින් ම සිවිල් ජීවිත නොතකා හරිනු ලැබුණු අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් මරණයට හා තුවාලයන්ට ගොදුරු වූහ. මාධ්‍යය හා මානව හිමිකම් සංවිධානයන් ඇතුළු ස්වාධීන නිරීක්ෂකයන්ට යුද කලාපයට ප‍්‍රවේශ වීමට ඉඩ දීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුණු හෙයින්, පාර්ශ්ව දෙක විසින් කරන ලද යුද නීති උල්ලංඝනයන් පිළිබඳ විස්තරාත්මක තොරතුරු සීමිත වී තිබේ.
 
යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පනවන ලෙස හියුමන් රයිට්ස් වොච් විසින් එක්සත් ජාතීන්ගෙන් හා ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල්වලින් හා මානව හිමිකම් මණ්ඩලයෙන් නැවත නැවතත් ඉල්ලනු ලැබ ඇත. දේශීය පරීක්ෂණ මාර්ගයෙන් වග වීම සහතික කරන බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රතිඥා දී තිබේ. උදාහරණයක් වශයෙන්, මැයි මාසයේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප‍්‍රකාශයක දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ උල්ලංඝනයන් සලකා බැලීම සඳහා වග වීමේ ක‍්‍රියාවලියක තිබෙන වැදගත්කම අවධාරණය කළ අතර, ”...ඒ දුක් ගැනවිලි සලකා බැලීම සඳහාආණ්ඩුව විසින් පියවර ගනු ලබනු ඇත” යි ප‍්‍රකාශ කළහ. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමේ සිට ගත වූ පස් මාසය තුළ දී කිසිත් පරීක්ෂණයක් සිදු වී නොමැත.
 
”අදාළ ආණ්ඩු විසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වූ කාහල නාදයක් ලෙස යොදා ගත යුතුය” යි ඇඩම්ස් පැවසුවේය. ”ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් තවත් සමාවට කරුණු නොමැත.”
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Most Viewed