Skip to main content

ශ‍්‍රී ලංකාව: වාර්තාව වග වීම පෙරට ගෙන යාමට අසමත් වෙයි

ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය කළ ඉල්ලීම මත ආණ්ඩුව ක‍්‍රියා කළ යුතුය

(නිව් යෝක්) - ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (එල්එල්ආර්සී* වාර්තාව ආණ්ඩුවේ හමුදාවන් විසින් කරන ලද ඉතා බරපතළ අපයෝජනයන් නොතකා හරින බවත්, දිගු කලක් පුරා කරනු ලැබ ඇති නිර්දේශයන් ම නැවත ඉදිරිපත් කරන බවත්, ශ‍්‍රී ලංකාවේ සිවිල් සන්නද්ධ ගැටුමට ගොදුරු වූ අයට වග වීම සම්බන්ධයෙන් ප‍්‍රගතියක් අත් කර ගැනීමට අසමර්ථ වන බවත් හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. 2011 වර්ෂයේ දෙසැම්බර් 16 දින ආණ්ඩුවේ වෙබ් අඩවිය වෙත තැපැල් කළ පිටු 388කින් යුක්ත වාර්තාව තුළ පවතින බරපතළ අඩුපාඩුකම් මගින් ඉස්මතු කර දැක්වෙනුයේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් අපේ‍්‍රල් මාසයේ දී නිර්දේශ කරන ලද ආකාරයට ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ යන්ත‍්‍රණයක් සඳහා ඇති අවශ්‍යතාවයි.
 
එල්එල්ආර්සී වාර්තාව පිළිබඳ ව දිගු කාලයක් පුරා බලාපොරොත්තුවෙන් සිටි නමුත්, වග වීම සම්බන්ධයෙන් එය විසින් ඉදිරිපත් කරනු ලැබුණේ නව තොරතුරු ස්වල්පයක් හෝ ආණ්ඩුව මේ වන විටත් ක‍්‍රියාත්මක කිරීමට අසමර්ථ වී තිබෙන නිර්දේශයන් බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. චුදිත උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර යන්ත‍්‍රණයක් ඇති කළ යුතු යයි එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබුණ ද, බරපතළ අපයෝජනයන්ට සම්බන්ධ බවට ඇඟවෙන හමුදා හා ආණ්ඩු නිලධාරීන් ලවා වග වීම සඳහා එල්එල්ආර්සී වාර්තාව මගින් කිසිත් යථාර්ථවාදී මාවතක් සම්පාදනය නොකෙරෙයි.
 
”වග වීම සම්බන්ධයෙන් ප‍්‍රගතියක් අත් කර ගැනීමට ශ‍්‍රී ලාංකික කොමිසමට ඉඩ දීම සඳහා, ආණ්ඩු හා එක්සත් ජාතීන්ගේ ආයතන පසු ගිය මාස 18 පුරා ම මැදිහත් වීමකින් වැළකී සිට ඇත” යි බ‍්‍රැඞ් ඇඩම්ස් පැවසීය. ”යුදකාලීන අපරාධකරුවන් පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීම හා ඔවුන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සම්පාදනය කිරීමට කොමිසම අසමර්ථ වීම මගින් පෙන්නුම් කෙරෙනුයේ ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඇති හදිසි අවශ්‍යතාවයි.”
 
යුද නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ හමුදාවන් බොහෝ දුරට නිදහස් කරන එල්එල්ආර්සී නිගමනයන්, එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ හා අධිකරණ තීන්දුවකින් තොර ව මරණ දඬුවම් පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සබැඳියාකරුගේ හා වෙනත් ස්වාධීන සංවිධානයන්ගේ නිගමනයන්ට මුළුමනින් ම වෙනස්ය. එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ නිගමනය වූයේ, ආණ්ඩුවේ හමුදාවන් හා බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* ”සිවිල් වැසියන්ගේ රැුකවරණය, අයිතිවාසිකම්, සුභසාධනය හා ජීවිත නින්දිත ලෙස නොතකා හරිමින්” මිලිටරි මෙහෙයුම් සිදු කළ බවත්, ඔවුන් ”ජාත්‍යන්තර නීතියේ සම්මතයන්ට ගරු කිරීමට අසමර්ථ වූ” බවත්ය.
 
2009 මැයි මාසයේ දී අවසන් වූ එල්ටීටීඊය සමග ගැටුමේ අවසන් අදියරයන්හි දී තම හමුදාවන් සිවිල් වැසියන්ට කිසිත් හානියක් නොකළ බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කරන ප‍්‍රකාශ එල්එල්ආර්සී වාර්තාව සැකෙවින් ඉවතලයි. අතිමහත් සාක්ෂි ලැබුණු තත්වය තුළ දී එල්එල්ආර්සීය නිගමනය කළේ, සටනේ අවසන් අදියරයන්හි දී ”සිවිල් වැසියන්ට සැලකිය යුතු හානි” සිදු වූ බවත්, ”හානි සිදු කරමින් හා ඒවායේ ප‍්‍රතිඵලයක් ලෙස තුවාල හා මරණ ඇති කරමින්” රෝහල්වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කර ඇති බවත්ය. කෙසේ වෙතත්, තුවාල හා මරණ සම්බන්ධයෙන් ඍජු ව හෝ වක‍්‍ර ව එල්ටීටීඊයට දෝෂාරෝපණය කරමින්, වාර්තාව බොහෝ දුරට ආණ්ඩුව නිදහස් කරන බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.
 
”තම හමුදාවන් සිවිල් වැසියන්ට කිසිත් හානියක් නොකළ බවට ආණ්ඩුව කරන විස්මයජනක ප‍්‍රකාශ ආණ්ඩුව විසින් පත් කරන ලද කොමිසමක් මගින් යටපත් කොට තිබීම සැලකිය යුතු කරුණකි” යි ඇඩම්ස් පැවසීය. ”එහෙත් සිවිල් වැසියන් දසදහස් ගණනක් මරණයට පත් වූ කාල තුවක්කු ෂෙල් ප‍්‍රහාර සම්බන්ධයෙන් කවර හෝ අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටීමට කොමිසම අසමර්ථ වීම පිළිකුල උපදවයි.” සිවිල් වැසියන් සිටි ප‍්‍රදේශවලට එරෙහි ව විශාල කාලතුවක්කු යොදා ගැනීම යුද නීති උල්ලංඝනය කරමින් සිදු කළ වගවිභාගයකින් තොර ප‍්‍රහාර ලෙස විභාග කිරීමට එල්එල්ආර්සී වාර්තාව අසමර්ථ වී ඇති බව හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය.
 
හමුදාවේ ප‍්‍රහාරයන් සිවිල් වැසියන් හිතාමතා ඉලක්ක කර ගත් බව හෝ සිවිල් වැසියන්ට ප‍්‍රමාණානුකූල නොවන හානි ඇති කළ බව කෙටියෙන් ප‍්‍රතික්ෂේප කළ එල්එල්ආර්සීය, එක්සත් ජාතීන්ගේ ප‍්‍රවීණයන්ගේ මණ්ඩලයේ ප‍්‍රධාන සොයා ගැනීමක් වූ ප‍්‍රහාරයන්හි දී සිවිල් වැසියන් හා සටන්කරුවන් වෙන් කොට හඳුනා ගැනීමට අසමත් වූයේය යන්න පිළිබඳ ව, කවර හෝ ප‍්‍රහාරයකට අදාළ ව සලකා බැලීමක් පවා නොකළේය. ප‍්‍රහාරයන්ට වගකිව යුත්තේ කවුරුන් ද යන්න නිශ්චිත ව පෙන්වා දීමට සිවිල් වැසියන්ට නොහැකි වූ බව සඳහන් කරමින් එය රෝහල්වලට ෂෙල් ප‍්‍රහාර එල්ල වූ බවට ලැබුණු බොහෝ වාර්තා සරල ව ඉවත දමයි, නැතහොත් එල්ටීටීඊ බලකායන් ඒ ආසන්නයේ සිටි බව පදනම් කර ගනිමින් ප‍්‍රහාරවලට සමාව දෙයි. හියුමන් රයිට්ස් වොච් හා වෙනත් සංවිධාන විසින් පෙර වාර්තා කරන ලද අපයෝජනයන් සම්බන්ධයෙන් එල්ටීටීඊය දැඩි ලෙස හෙළා දකින එල්එල්ආර්සී වාර්තාව, එල්ටීටීඊයට දෝෂාරෝපණය කිරීම මාර්ගයෙන් ආණ්ඩුවේ හමුදාවන් විසින් කරන ලද වැරදි යුක්ති සහගත කිරීමට උත්සාහ කරයි.
 
උදාහරණයක් ලෙස, වාර්තාව ප‍්‍රකාශ කරන්නේ ”හමුදා මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට සිදු වූයේ සිවිල් ජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුලූ අවධානයක් යොමු කළ සටන් ක‍්‍රමෝපායක් යොදා ගැනීමේ දී කිසිත් මනස්තාපයක් නොමැති වූ හා සිවිල් ජනයා එම මූලෝපායේ ප‍්‍රබල කොටස්කරුවෙකු බවට පත් කර ගත් සතුරෙකුට එරෙහි ව ය යන කරුණ සැලකිල්ලට ගත යුතු” බවය. එල්ටීටීඊය සටන තුළ දී භයානක අපයෝජනයන් සිදු කළ නමුත්, ගැටුමේ එක් පාර්ශ්වයක් විසින් කරන ලද උල්ලංඝනයන් මගින් අනෙක් පාර්ශ්වය විසින් කරන ලද උල්ලංඝනයන් යුක්ති සහගත නොකෙරෙන බව වටහා ගැනීමට මෙවැනි ප‍්‍රකාශ අසමර්ථ වෙයි.
 
එල්එල්ආර්සී වාර්තාවේ තිබෙන මග හැරීම්වලින් එකක් වනුයේ, යුද්ධයේ අවසන් දිනයන්හි දී ආණ්ඩුවේ හමුදාවන්ට යටත් වීමට උත්සාහ කළ එල්ටීටීඊ නායකයන් කීප දෙනෙකු ආණ්ඩුවේ හමුදාවන් විසින් මරා දමන ලද බවට එල්ල වන චෝදනා - ”සුුදු කොඩි” සිද්ධිය නමින් හැඳින්වෙනුයේ ද මේ සිදුවීමය - එය විසින් විභාග නොකිරීමය. ආණ්ඩුවේ හමුදාවන් විසින් සිරකරුවන්ට මාංචු දමා ඔවුන්ගේ ඇස් බැඳ තිබෙන ආකාරය පෙන්නුම් කරන බව පෙනෙන ඊනියා චැනල් ෆෝ විඩියෝ පටයේ අව්‍යාජත්වය පිළිබඳ තාක්ෂණික සාකච්ඡුාවකට පමණක් වාර්තාව තම විශ්ලේෂණය සීමා කරයි. ආණ්ඩුවේ හමුදාවන් විසින් රූප පෙළෙහි දර්ශනය වන තරුණ කාන්තාව ඝාතනය කරන ලද බව ආණ්ඩුව පිළිගත් බව එය සඳහන් නොකරයි.
 
වාර්තාව තුළ දී ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ ව සාකච්ඡුා නොකෙරෙයි. මෙය සිදු වූයේ, කොමිසමේ ක‍්‍රියා පටිපාටි මගින් සාක්ෂිකරුවන්ට ආරක්ෂාවක් නොසැපයුණු හේතුවෙන් විය හැකිය. එසේ ම, රැුඳවියන්ට වධ දීම හෝ ඔවුන් අපයෝජනයට ලක් කිරීම, සටනින් අවතැන් වූවන් 30,000ක් නීති විරෝධී ලෙස මාස කීපයක් පුරා රඳවා ගෙන සිටීම හෝ ආණ්ඩුව විසින් ඊනියා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා ගෙන සිටින එල්ටීටීඊ සාමාජිකයන් යයි කියනු ලබන 10,000කට වැඩි පිරිසකට නිසි ක‍්‍රියාවලි අයිතිවාසිකම් ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ ව ද වාර්තාව සඳහන් නොකරයි.
 
ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලද බව කියන බලාත්කාරී අතුරුදන් කිරීම් පිළිබඳ සාක්ෂි වාර්තාව තුළ ඇතුළත් වෙයි. පරීක්ෂණ පවත්වන ලෙස හා හැකි අවස්ථාවල දී නීතිමය පියවර ගන්නා ලෙස එල්එල්ආර්සීය නිර්දේශ කරන නමුත්, ආණ්ඩුව පෙර පත් කළ කොමිසම් විසින් කරන ලද මීට සමාන නිර්දේශ ක‍්‍රියාත්මක කර ඇත්තේ ඉතා සුලූ වශයෙන් යයි හියුමන් රයිට්ස් වොච් ප‍්‍රකාශ කළේය. මානව හිමිකම් ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් කරනු ලැබ ඇති අනෙක් නිර්දේශ ධනාත්මක වන නමුත් ඒවා අතීතයේ දී ආණ්ඩුව වෙත යළි යළිත් කරනු ලැබ ඇති නිර්දේශයන්ය. ආණ්ඩුව එල්එල්ආර්සීයේ අන්තර්වාර නිර්දේශ ක‍්‍රියාත්මක කර නොමැති අතර, ඒවා ක‍්‍රියාත්මක කරන ලෙස හෝ කොමිසම විසින් ඉල්ලීමක් කරනු නොලැබුණි.
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුදකාලීන අපයෝජනයන්ට වග වීම සම්බන්ධයෙන් ප‍්‍රගතියක් අත් කර නොගත හොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් නියම කිරීමට තමන් සහාය දෙන බව එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු ආණ්ඩු කීපයක් ප‍්‍රකාශ කර ඇත. වග වීම කෙරෙහි ආණ්ඩුවේ කැප වීම පිළිබඳ තීරනාත්මක පරීක්ෂණයක් ලෙස එල්එල්ආර්සී වාර්තාව බොහෝ විට උපුටා දක්වනු ලැබ ඇත. උදාහරණයක් ලෙස, 2011 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාවේ කළ සංචාරයක දී එල්එල්ආර්සී වාර්තාව පිළිබඳ ව සඳහන් කරමින් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් පැවසුවේ ”එය ඤවග වීමට හේතු වන% විශ්වසනීය ක‍්‍රියාවලියක් නොවුව හොත් පීඩනය යෙදවෙනු ඇත, යම් ආකාරයක විකල්ප යන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා පීඩනය යෙදවෙනු ඇත” යන්නය.
 
”ගැටුම ආශ‍්‍රිත අපයෝජනයන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය ආයතන තුළින් යුක්තියක් ඉෂ්ට නොවන බව පැහැදිලිය” යි ඇඩම්ස් පැවසීය. ”එල්එල්ආර්සීය පත් කිරීමෙන් ආණ්ඩුව කර තිබෙනුයේ කාලය ගැනීමකි. ඒ කාලය දැන් අවසන් ව ඇත.”
 

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Most Viewed